වැසි තත්ත්වය ඉදිරි දින වලදී තාවකාලිකව අඩුවේ

Share

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින වලදී තාවකාලිකව අඩුවේ යයි අපේක්ෂා කරන බවයි.

දිවයිනේ උතුරු අර්ධයේ සහ දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං අපේක්ෂා කළ හැකි බවත් උතුරු, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News