වේගෙන් ආ වෑන් රථයක් නවතා තිබු ලොරි රථයක ගැටෙයි

Share

බත්තරමුල්ලේ සිට නුවරඑලිය දක්වා අධික වේගයෙන් ධාවනය වු ක්‍රිඩා අමාත්‍යංශයට අයත් වෑන් රථයක් ගාල් කර තිබු ලොරි රථයක ගැටිමෙන් වෑන් රථයේ ගමන් ගත් නිතිඥවරයෙක් තුවාල ලබා ඇති බව හැටන් පොලිසිය පැවසිය.

අද(08) උදැසන 6.45 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදිය.

අධික වේගයෙන් ධාවනය වි ඇති වෑන් රථය මාර්ගයේ මංතිරුවෙන් ධාවනය වි මාර්ගයේ පසක ගාල් කර තිබු ලොරි රථයේ ඉදිරිපස ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබඳව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පැවසුවේ.

අනතුරෙන් වෑන් රථයට දැඩි අලාභ හානි සිදු ඇති අතර ලොරි රථයටද හානි සිදු වි ඇත.

වෑන් රථයේ රියදුරාට නින්ද යාම අනතුරට හේතුව වි ඇති බවයි අනතුර පිලිබඳව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

Read more

Local News