ළමා සෞඛ්‍ය පිළිබද ජාත්‍යන්තර විශේෂඥ වෛද්‍ය සමුළුවේ සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Share

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ළමා සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ වෛද්‍ය සමුළුවේ සමාරම්භක උත්සවය ඊයේ (12) පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.

ශී‍්‍ර ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවැත්වෙන මෙම සමුළුව ඊයේ සිට ලබන 15 වනදා දක්වා කොළඹදී පැවැත්වෙන අතර රටවල් 42ක විදේශීය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් 250 කට වැඩි පිරිසක් ඊට එක්ව සිටී.

ළමා රෝග පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ දැනුම හුවමාරු කර ගැනීම, පරික්ෂණයන් හෙළිදරව් කිරීම සහ ප‍්‍රමිතින් හඳුනාගැනීම මෙම සමුළුව තුළින් අපේක්ෂා කෙරේ. ශී‍්‍ර ලංකාවේ ළමා රෝග පිළිබඳ වෛද්‍ය විද්‍යා ආයතනය සමුළුව සඳහා පහසුකම් සපයයි.

 

Read more

Local News