නිදන් සොයා කැනීම් කළ හයක් පොලිස් දැලේ

Share

මොණරාගල දඹගල්ල පොලිස් බල ප්‍රදේශයේ ඉහාව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක ගලක් අසල නිදන් සොයා කැනීම් කරමින් සිටි පුද්ගලයන් හයදෙනකු අත්අඩංගුවට ගැනීමට දඹගල්ල පොලිසිය සමත් වී තිබේ.

සැකකරුවන් විසින් කම්පසර් යන්ත්‍රයක් යොදාගනිමින් කලුගල විද නිධානය ලබා ගැනීම සඳහා සුදානම් වී ඇති අතර සැකකරුවන් සතුව තිබූ උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කැබිතිගොල්ලෑව, කොළඹ සහ දඹගල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 21, 42 අතර පසුවන බව පොලිසිය කියයි.

සැකකරුවන් මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට අද(11)ඉදිරිපත් කිරීමට නියමිත අතර දඹගල්ල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

Read more

Local News