අවුරුදු සමයේ විකුණන්න ගෙනා හොර අරක්කු තොගයක් මාට්ටු

22

බලපත්‍රයක් නොමැතිව එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ වැඩි මිලට අලෙවි කිරිම සඳහා සුදානම් කර තිබු මත්පැන් බෝතල් තොගයක් සමඟ සැකකරුවෙක් හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අද(12) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

නොර්වුඩ් පොලිස් වසමට අයත් සෙන්ජොන් ටිලරි වතුයායේ වතු නිවාසයක කාමරයක් තුල රජයේ අනුමත මත්පැන් බෝතල් 50 ක් සැකකරු සඟවා සිටි බවයි වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේ.

උත්සව සමයේ සැකකරු වැඩි මිලට වතුකරයේ මත්පැන් අලෙවි කිරිමට සුදානම්ව මත්පැන් බෝතල් 50 ක් මිල දිගෙන නිවසේ සගවා තිබෙන බවට ලද තොරතුරක් මත හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් මෙම වැටලිම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් තොගය සහ සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.