ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය ‍හෙට

Share

ජාතික හිසතෙල්ගෑමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධි රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව උත්සවය සංවිධානය කර ඇත.

අලුත් අවුරුද්ද සඳහා හිසතෙල් ගෑමේ නැකත හෙට(17) පෙරවරු 7.40ට යෙදී තිබේ.

ඵලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොං පත් ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ස්නානය කිරීම මැනවි බව අවුරුදු නැකත් සීට්ටුවේ සඳහන් වෙයි.

Read more

Local News