ගිනිඅවි තුනක් සමඟ 3ක් මාට්ටු

Share

මොණරාගල පොලිස් කොට්ඨාශයේ සියඹලාණ්ඩුව සහ මැදගම යන පොලිස් බල ප්‍රදේශවල සිදුකළ වැටලීමකදී ගිනිඅවි තුනක් සමඟ තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සියඹලාණ්ඩුව පහලයාය දොඹගවෙල ප්‍රදේශයේදී එක් ගිනිඅවියක් සහ සැකකරුවකු අත්අඩංගුවට ගත් අතර තවත් සැකකරුවකු දෙමටබැද්ද දොඹගවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මැදගම පොලිස් බල ප්‍රදේශයේ බකිණිගහවෙල ප්‍රදේශයේ දී තවත් ගිනිඅවියක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගිනිඅවි කුමන හේතුවක් මත තබා ගත්තද යන්න මේ වන විටත් තොරතුරු ලැබී නොමැත.

සැකකරුවන් සියඹලාණ්ඩුව සහ බිබිල යන මහේස්ත්‍රාත් අධිකරණයන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අදාළ පොලිස් ස්ථාන ඉදිරි විමර්ශන සිදු කරයි.

Read more

Local News