අද(21) දින සිදුව ඇති මෙම ප්රහාරයන් සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනයක් සිදුකරමින් පවතින බවත් එයට වගකිවයුතු පුද්ගලයින් කවුරුන් වුවත් තරාතිරම නොබලා පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් අද දින කොළඹ, අරලියගහ මන්දිරයේ දී කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් කියා සිටියේය.
ස්ථාන කිහිපයක අද උදෑසන ඇති වූ පිපිරීම් නිසා ජීවිත හානි වූ සියලූ දෙනාට සහ ඔවුන්ගේ පවුල්වල සියලූ දෙනාටත්, තුවාල සිදු වූ සියලූ දෙනාටත් රජය වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කිරීමට කැමතියි. එසේම මේ සිදුවීම රටත්, එමෙන්ම රටේ ආර්ථිකයත් අස්ථාවර කිරීමේ බරපතල තත්වයක් ලෙස මා දකිනවා යැයිද අගමැතිවරයා පැවසීය.
මෙම ප්රහාරයන් සම්බන්ධයෙන් තමන් බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජයේ ඇමතිවරුන් සමග සාකච්ජා පැවැත්වූ බවයි අගමැතිවරයා මෙහිදී කියා සිටියේ.