දෙමටගොඩ පිපිරීමෙන් මිය ගිය පොලීසියේ තිදෙනාට උසස්වීම්

Share

ඊයේ (21) දින දෙමටගොඩ නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී සිදුවු පිපිරීම් දෙකකින් ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරීන් තිදෙනාට විශේෂ උසස්වීම් ලබා දීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.

මෙම නිලධාරීන් තිදෙනාම කොළඹ අපරාධ කොට්ධාශයේ රාජකාරි කළ නිලධාරීන් වෙයි.

ඒ අනුව ජීවිතක්ෂයට පත් උප පොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර නිලධාරියා පොලිස් පරීක්ෂක තනතුරටත්, පොලිස් කොස්තාපල්වරුන් වන භාතිය රත්නායක බණ්ඩාර හා ලහිරු උමේෂ දුලංජන පොලිස් සැරයන් තනතුරටත් උසස් කර ඇත.

Read more

Local News