ජලයට වස මිශ්‍ර වී ඇති බවට අසත්‍ය ප්‍රකාශ සිදු කළ 2ක් රිමාන්ඩ්

Share

ප්‍රදේශ රැසක ජල සැපයුමට වස මිශ්‍ර වී ඇති බවට අසත්‍ය ප්‍රකාශ සිදු කළ සැකකරුවන් දෙදෙනෙක් මැයි මස 6වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසිය.

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක පානීය නල ජලයට වස මිශ්‍ර කොට ඇති බවට පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයෙන් ඊයේ (22) නිවේදනයක් නිකුත් කළේය.

ඒ අනුව පැතිර යන විවිධ අසත්‍ය ප්‍රචාරවලට නොරැවෙටෙන ලෙස ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපති කේ.ඒ අන්සාර් මහතා ඊයේ ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

Read more

Local News