ගුවන් හමුදා නාශක පතුරොම් තොගයක් වැලිපැන්නෙන් හමුවෙයි

66

මතුගම-වැලිපැන්න පොලිස්බල ප්‍රදේශයේ තිබී මිලිමීටර 5.0 වර්ගයේ ගුවන්යානා නාශක පතුරොම් 05ක් සමඟ ඩෙටනේටරයක් සොයාගෙන තිබෙන බවට වාර්තා වෙයි.

අද(29) උදැසන වැලිපැන්න පොලීසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි නිලධාරියෙකුට ලැබුණු තොරතුරක් මත වැලිපැන්න පොලිසියේ නිලධාරින් එම සැක සහිත ඇසුරුම පරික්ෂා කිරීමේදි මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

මතුගම-වැලිපැන්න නගර මධ්‍ය ඇති මුස්ලිම් පාරේ තිබු කසල ගොඩක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත.

වැලිපැන්න පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.