මධූෂ් ලංකාවට එයි ද? – තීන්දුව අද

Share

තමන්ව ශ‍්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා මාකඳුරේ මධූෂ් ඩුබායි බලධාරීන්ගෙන් කළ අභියාචනය පිළිබඳ තීන්දුව අද(02) ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මධූෂ් විසින් තමන්ව මෙරටට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා ඩුබායි බලධාරීන්ගෙන් කළ අභියාචනය පළමු වරට කැඳවණු ලබුවේ පසුගිය මස 18 වනදායි.

එහි තීන්දුව ලබා දීම එරට අධීකරණය විසින් අද දක්වා කල් දැමුණා.

මේ වන විට මධූෂ් සමඟ ඩුබායි අත්අඩංගුවේ පසු වූ 31 දෙනාගෙන් 30 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ.

ප‍්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඇතුලූ 31 දෙනෙකු කොකේන් තොගයක් සමග ඩුබායි හී පිහිටි ප‍්‍රධාන පෙලේ හෝටලයක පැවති සාදයක් අතරතුර එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේ පසුගිය පෙබරවාරි මස 5 වනදායි.

Read more

Local News