යාපනය විශ්වවිද්‍යාලයේ විශේෂ සෝදිසියක්

Share

ආරක්ෂක අංශ විසින් යාපනය විශ්වවිද්‍යාලයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඇති බවට වාර්තා වෙයි.

මෙම සෝදිසි මෙහෙයුමේ දී යාපනය විශ්වවිද්‍යාලය හා ඒ අවට ප්‍රදේශයත් වෛද්‍ය පීඨයේ සිව්වන වසර සිසුන්ගේ නේවාසිකාගාරයත් විශේෂ පරීක්ෂාවට ලක් කර තිබේ.

යුධ හමුදා භට පිරිස් 300-450කින් යුත් කණ්ඩායමක් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සඳහා යොදවා තිබේ.

අද දින උදෑසන 5 සිට මෙම සෝදිසි මෙහෙයුම දියත් කර තිබෙන බවටයි සඳහන් වන්නේ.

Read more

Local News