රට තුළ ඇත්තේ භාෂා 2යි

Share

සිංහල සහ දෙමළ භාෂාවට අමතරව වෙනත් භාෂාවක් රට තුළ ඇත්නම්, එය විහිළුවක් බවත් එම විහිළුව නැවැත්විය යුතු බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ග්‍රිඩ් උපපොල පැවිති නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.

“වසර ගණනාවක් පැවති විශාල යුද්ධයක් අවසන් කිරීමට තරම් දක්ෂ වූ සෙන්පතියෙක් වන සරත් ෆොන්සේකා මහතාගේ ඒ දක්ෂතාවය නැවතත් අපේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් උපයෝගී කරගන්න කියලා අපි එක්සත් ජාතික පක්ෂය මගින් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා.

තවමත් ඒ සම්බන්ධයෙන් අපට ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. මේ රටේ සෑම තැනකම සාමය තිබීම අත්‍යාවශ්‍යයි. කිසිම කෙනෙක් බියෙන් ජීවත් වියයුතු නැහැ. රටේ සෑම දෙනාටම මේ රටේ සෑම බිම් අගලකම අයිතියක් තිබෙනවා නම්, ඒ සඳහා ආරක්ෂාව සැපයීමත් රජයක් වශයෙන් අප සතු කාර්යභාරයක් වෙනවා.

අපි සෑමදෙනාම මේ රට රැකගැනීමේ වගකීම බාරගත යුතුයි. රටේ ජාතික ආරක්ෂාව රැකගත යුතුයි. මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ දේශපාලනීකරණය නෙමෙයි. රටේ ආරක්ෂාව, ස්ථාවර කර ගැනීමයි අවශ්‍ය වන්නේ.

ආරක්ෂාව සම්බන්ධයෙන් අපි රටේ ජනතාව තුළ විශ්වාසයත් ගොඩනැගිය යුතුයි. මේ රටේ ප්‍රධාන භාෂාවන් දෙකයි තිබෙන්නේ. ඒ සිංහල සහ දෙමළ. අපි ඉංග්‍රීසි භාෂාව සම්බන්ධීකරණ භාෂාවක් හැටියට පාවිච්චි කරනවා.

ඒ ඇරෙන්න මේ රට තුළ නොයෙක් ස්ථාන වල වෙනත් භාෂාවනුත් තිබෙනවා කියලා දැනගන්න ලැබෙනවා. ඒ තත්ත්වය විහිළුවක්. අන්න ඒ විහිළුව අපි නැවැත්විය යුතුයි”

Read more

Local News