දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කැපකරුවෙකු වන අලි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට

Share

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කැපකරුවෙකු ලෙස කටයුතු කළ අයෙකු අද(09) අළුයම වන අලි ප්‍රහාරයකින් මියගොස් ඇති බව අරලගංවිල පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ දිඹුලාගල මලියදේවපුර පදිංචිව සිටි 75 වියැති සිව්දරු පියෙකු වූ බුලත්ගේ කරෝලිස් යන අය බව අනාවරණය වී තිබේ.

දිඹුලාගල ආරණ්‍ය සේනාසන භූමියේ වෙළඳසැලක නිදාගෙන සිටියදී අසලට පැමිණි වන අලියා ඔහු රැගෙන ගොස් පාගා මරණයට පත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

අරලගංවිල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Read more

Local News