කඩුවෙල දී කුඩු ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

කඩුවෙල ප්‍රදේශයේදී හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 556ක් පොලීසිය බාරයට ගෙන ඇති අතර සැකකරු හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු අද(10) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read more

Local News