උණුසුම් කාළගුණ තත්ත්වය සම්බන්ධයෙන් හෙට(11) දින තුළදී දිස්ත්‍රික්ක කිහිපයක් වැඩි අවදානයක් යොමු කළ යුතු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ත්‍රිකුණාමලය, මන්නාරම, වවුනියාව, කිලිනොච්චි, මුලතිව්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලට ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් විජලනය, මස්පිඬු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආගාත තත්ත්වයන් ඇතිවීමේ අවධානමක් ද පවති.
එම නිසා ප්‍රමාණවත් ලෙස ජලය පාලන කිරීම, සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීම, අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම වැනි දෑ සිදු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.