IPL කිරුළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට

Share

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ 2019 වසරේ ශූරතාව හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.

ඒ හයිද්‍රාබාද්හි ඊයේ (12දා) පැවැති අවසන් මහ තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජයට පත්කරමිනි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර අයි.පි.එල්. කිරුළ හිමිකර ගත්තේ සිවුවැනි අවස්ථාවට වන අතර එය කණ්ඩායමක් අයි.පී.එල්. කිරුළ වැඩිම අවස්ථාවක් ජයග්‍රහණය කළ අවස්ථාවද වෙයි.

තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම ලකුණු 149/8ක් රැස්කර ගත් අතර එයට පිළිතුරු ලෙස චෙන්නායි කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 148/7ක් පමණි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ අවසන් පන්දුවාරය යොමුකිරීමට ඔවුන් ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග තෝරා ගත්තේය. ඔහුගේ පන්දුවාරයේදී චෙන්නායි කණ්ඩායමට ලකුණු 9ක් ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණි. කෙසේ වෙතත් චෙන්නායි කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණ 7ක් පමණි.

මාලිංගගේ පළමු පන්දුවට එක් ලකුණක්, දෙවැනි පන්දුවට එක් ලකුණක් හා තෙවැනි පන්දුවට ලකුණු 2ක් චෙන්නායි රැස්කළේය.

ක‍ෙසේ වෙතත් සිව්වැනි පන්දුවේදී එතෙක් චෙන්නායි කණ්ඩායම වෙනුනේ හුදෙකලා සටනක නිරතවෙමින් තරඟය ඉදිරියට ගෙන ආ ෂේන් වොට්සන් දුවද්දී දැවී යාමකට හසුකර ගත් අතර එහිදී චෙන්නායි කණ්ඩායමට හිමිවූයේ එක් ලකුණකි. වොට්සන් ලකුණු 80කට දැවී ගියේය.

මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙවරද කටයුතු කළේ ශ්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධනයි.

Read more

Local News