වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

Share

තේ වත්තේ වැඩකරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 8 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් එල්ටොප්ස් වතුයායේ තේ වත්ත සුද්ද පවිත්‍ර කරමින් සිටියදි අද(13) උදැසන 10 ට පමණ මෙම බඹර ප්‍රහාරය එල්ල වී තිබේ.

තේ පඳුරක් මත බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි තමන්ට පහර දුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News