නීතිපති කොමිෂමට සහභාගී වුණේ ලිඛිත ආරාධනයකින් – ඇමැතිනී තලතා අතුකෝරළ

Share

නීතිපතිවරයා බැදුම්කර ජනාධිපති කොමිෂමට සහභාගී වුණේ කොමිෂමේ සභාපතිවරයාගේ ලිඛිත ආරාධනයකින් බව අධිකරණ හා විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය .

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා විසින් නීතිපතිවරයා බැදුම්කර කොමිෂමේ දී අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසීමට  සහභාගීවීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට දැඩි විරෝධයක් පළ කරමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

”මඩ ප්‍රචාර කරනවා. අපේ ආණ්ඩුව එහෙම නෑ. වරප්‍රසාදවලට මුව වී කරන ඔය ප්‍රකාශ ඉල්ලා අස්කරගන්න යැයි අමාත්‍යවරිය සඳහන් කළේ ය.
මේ අවස්ථාවේ සභාවේ දිගින් දිගටම සංවාදයක් ඇතිවිය. එහිදී අඳහස් දැක්වූ සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, නීතිපතිවරයා විසින් අග්‍රාමත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසීම සම්ප්‍රදායක්. අගමැතිතුමා ගත්තපියවර ශ්‍රේෂ්ඨ පියවරක්. එය රටට ආදර්ශයක් බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බන්ඩාරිගොඩ මහතා– අගවිනිසුරුවරිය එලවාගත්තේ මේ අය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා-එදා අල්ලස් කොමිෂමට හිටපු ජනාධිපති යනකොට මේ අය උත්ඝෝෂණය කළා.

ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය – අගවිනිසුරුවරයා ගැන කියලා තියෙනවා, නම් එය ඉවත් කරන්න.

Read more

Local News