බෙන්ස් වර්ගයේ ගිලන් රථ 20 රෝහල්වලට බෙදාදීම හෙට

Share

ඔස්ට්‍රියානු රජයේ සහන ණය ආධාර යටතේ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 100 ක් දිවයින පුරා රෝහල්වලට ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ගිලන් රථ 20 ක් රෝහල්වලට බෙදාදීම හෙට(16) දින සිදු කිරිමට නියමිතයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හෙට පස්වරු 3.00 ට මෙය සිදු කිරිමට කටයුතු යොදා ඇත.

ජර්මනියේ නිෂ්පාදිත මෙම ගිලන් රථයක වටිනාකම රුපියල් එක්කෝටි හැත්තෑලක්ෂයකි.

මේ වනවිට බෙන්ස් වර්ගයේ ගිලන් රථ 60 ක් රෝහල්වලට බෙදා දී ඇත.

තවද ෆෝඩ් වර්ගයේ නවීන ගිලන් රථ 350 ක් ද පසුගිය දිනවල රෝහල්වලට බෙදා දෙනු ලැබීය.

නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක ප්‍රතිලාභ ජනතාව වෙත සමීප කිරීමේ අරමුණ පෙරදැරිව මෙම ගිලන් රථ බෙදාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇත.

Read more

Local News