සීගිරිය බලන්න යන අයට වාසියක්

Share

සීගිරිය පුරාවිද්‍යා පරිශ‍්‍රය හා කෞතුකාගාරය මේ මස 18,19,20 යන තෙදින පුරා දේශීය සංචාරකයන්ට නොමිලයේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

වෙසක් උත්සවය හා ජාතික කෞතුකාගාර දිනයට සමගාමීව මෙම අවස්ථාව දේශීය සංචාරකයන් සඳහා ලැබෙන අතර එම දිනයන් තුළදී සීගිරියේ කැණීම් තුළින් හමු වූ පුරාවස්තු ප‍්‍රදර්ශනයක් හා අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් ද කි‍්‍රයාත්මක කෙරෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිගිරි වියාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන අතර මේ අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව ලබාගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය.

Read more

Local News