එංගලන්ත ක්‍රිකට් නායකයාට තරඟ තහනමක්

Share

එංගලන්ත ක්‍රිකට් නායක ඉයන් මෝගන්ට තරඟ තහනමක් පනවා තිබේ.

ඒ පාකිස්තානයට එරෙහිව බි්‍රස්ටල්හිදි පැවැති තුන්වන එක්දින තරඟයේදි නියමිත කාලයට යැවිය යුතු පන්දූවාර සංඛ්‍යාවට වඩා පන්දූවාර 02 ක් අඩුවෙන් යැවීම හේතුවෙන්.

ඒ අනුව ඉයන් මෝගන්ට එක් තරඟයක තහනමක් සහ තරඟ ගාස්තුවෙන් 40% ක දඩ මුදලක් පනවා තිබේ.

මෙම තත්වය මත පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන සිවුවැනි එක්දින තරඟය ඔහුට අහිමි වී යනු ඇත.

කෙසේ වෙතත් තරඟ 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය මේ වනවිට සමත්ව සිටී.

පසුගිය පෙබරවාරී මාසයේදි කොදෙව් කණ්ඩායමට එරෙහිව බාබඩෝස්හිදි පැවැති එක්දින තරඟයකදි ද නියමිත කාලයට යැවිය යුතු පන්දූවාර සංඛ්‍යාව නොදැමීම හේතුවෙන් ඉයන් මෝගන්ට දඩුවමට යටත් වීමට සිදූ විය.

මාස 12 ක කාලයක් තුල මෝගන් දඩුවමට ලක්වු දෙවැනි අවස්ථාව මෙයයි.

Read more

Local News