ඇළ මාර්ගයකින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

Share

මාදම්පේ-මරම්බැටේ ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ඊයේ(15) දින මාදම්පේ පොලීසියේ නිලධාරීන් විසින් මිනිස් අස්ථි කොටස් තොගයක් සොයා ගෙන තිබේ.

මෙම මිනිස් අස්ථි කොටස් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස හලාවත වැඩ බලන මහේස්ත්‍රාත් ශානක උදයංග මහතා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර තිබේ.

පොහොර උරයක බහා තිබූ අස්ථි කොටස් තොගයේ හිස් කබල සහ අනෙකුත් කොටස් පැහැදිලිවම දක්නට තිබුණි.

කිසියම් අයෙකු විසින් මෙම අස්ථි කොටස් තොගය පොහොර උරයේ බහා ඇළ මාර්ගයට වෙත ගෙනවිත් දමන්නට ඇති බවට පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News