කැබ්-යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට

Share

අනුරාධපුර-මිහින්තලය ප්‍රධාන මර්ගයේ කුරුන්දන්කුලම මිහිඳු ආරණ්‍ය සේනාසනය අසලදී ඊයේ(21) පස්වරුවේ කැබ් රථයක් සහ යතුරපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරින් පුද්ගලයෙකු ජීවීතක්ෂයට පත්ව තිබෙන අතර මියගොස් ඇත්තේ මිහින්තලය පුවරසන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරින් මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් මිහින්තලය පුවරසන්කුලම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරා මිහින්තලය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අද(22) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News