දර්ගානගර්හි දී අත්අඩංගුවට ගත් ත්‍රස්ථවාදීන්ගේ සමීපතමයෙක් ත්‍රස්ත විමර්ශන බාරයට

Share

පාස්කු ඉරුදින ප්‍රහාරයේ ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට දර්ගානගර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට බාර දී තිබේ.

අදාල සැකකරු අප්‍රේල් මස 27 වනදා අලුත්ගම පොලීසිය මඟින් දර්ගා නගරයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

ඔහු රඳවා තබාගෙන සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී මරාගෙන මැරුණු බෝම්බකරුවෙකු වූ මොහොමඩ් බසීර් මොහොමඩ් ෆස්හාන් යන අය සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට අනාවරණය වී තිබේ.

Read more

Local News