රාජ්‍ය සේවකයින්ට ජූලි 1දා සිට රු2500ක මාසික දීමනාවක්

Share

රාජ්‍ය සේවකයන්ට රු. 2500/- මාසික දීමනාව ගෙවීමේ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ඒ අනුව, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 අයවැය මඟින් යෝජිත පරිදි රු.2500/- ක මාසික අන්තර් දීමනාව ජූලි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලු රාජ්‍ය සේවකයන් හට ගෙවනු ලැබේ.

අන්තර් දීමනාව වශයෙන් රු. 2500/- ක් ජූලි 01 සිට ගෙවනු ලැබූවද රාජ්‍ය සේවකයන් හට මාසිකව ගෙවනු ලබන රු.7800/- ජීවන වියදම් දීමනා ගෙවීමද තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වන බව ද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Read more

Local News