ගිනි අවියක්, ජීව අත්බෝම්බයක් සමඟ 4ක් මාට්ටු

Share

ගිනි අවියක් සහ ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු පිළියන්දල, හැඩිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදි ගිනි අවිය සහ ජීව අත් බෝම්බය සමඟ ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

සැකකරුවන් සතුව තිබී විදේශිය රටක නිෂ්පාදිත ගිනි අවියක් ජීව අත්බෝම්බයක් සහ වෙඩි බෙහෙත් ග්‍රෑම් 200ක ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන තිබේ.

සැකකරුවන් අද(25) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News