දුම්රියක ගැටී අයෙකු මරුට

Share

ඊයේ(26) දින කන්කසන්තුරය සිට කොළඹ බලා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රියේ කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශ‍යේදී පුද්ගලයෙකු ගැටීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේ පදිංචි 61ක් හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත.

මළසිරුර මාන්කුලම දුම්රිය ස්ථානය වෙත ගෙන ඒමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

මාන්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News