කේරළ ගංජා තොගයක් සමඟ තිදෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට

Share

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟ එක්ව ඊයේ(29) දින හම්බන්තොට, බඳගිරිය ප්‍රදේශයේදී සිදුකල වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් 500 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ ගොන්නෝරුව පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව සිදු කළ වැටලිමකදි යතුරුපැදියක් මඟින් මෙම කේරළ ගංජා ප්‍රවාහනය කිමින් සිටි පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 42 ත් 32 ත් අතර වයසැති හම්බන්තොට සහ තනමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, කේරළ ගංජා ප්‍රමාණය සහ යතුරුපැදිය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා හම්බන්තොට, පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරුණි.

Read more

Local News