කොළඹ පාසල් දෙකක් පරීක්ෂාවට

Share

පොලිස් විශේෂ කාර්යාංශයට කොළඹ පාසල් දෙකක් සම්බන්ධයෙන් යම් තොරතුරක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

කෙසේ වෙතත් එම ලැබුණු එක් තොරතුරක් මත බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ පිහිටි ඇළ මාර්ගයක ඇති ආවරණය වන පරිදි ඉදි කර ඇති දැල් වැට තැනින් තැන කැඩී ගොස් ඇති බවට වාර්තා වී තිබු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසීය.

අද(30) සවස කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේය.

මේ අතර, තවත් තොරතුරක් කුරුඳුවත්ත ප්‍රදේශයේ පාසලක් පිළිබඳව ලැබී තිබු බව ද, එහිදී පාසල ඉදිරිපිට විශාල වශයෙන් නතර කර ඇති වාහන සම්බන්ධයෙන් ගැටළුවක් පැවති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම තොරතුරු සන්නිවේදනයේ දී යම් දුර්වලතාවයක් මත ආරක්ෂක තත්ත්වය අස්ථාවර බවට තොරතුරු පැතිර ගොස් තිබු බව ද පැවසු රුවන් ගුණසේකර මහතා, එවැනි කට කථාවලට නොරැවටෙන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Read more

Local News