Home දේශීය පුවත් කුඩු විකුණන, ගහන පොඩ්ඩන් එල්ලන්න කලින් තෝරු මෝරු එල්ලන්න වෙයි

කුඩු විකුණන, ගහන පොඩ්ඩන් එල්ලන්න කලින් තෝරු මෝරු එල්ලන්න වෙයි

0
කුඩු විකුණන, ගහන පොඩ්ඩන් එල්ලන්න කලින් තෝරු මෝරු එල්ලන්න වෙයි

කුඩු ජාවාරමටවත්, කුඩු බොන එකටවත් මරණ දඩුවම විසඳුම කියලා කවුරු හරි හිතනවා නම් මම හිතන්නේ නෑ ඒක විසඳුමක් කියලා.

ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ මතයත් මරණ දඩුවමට විරුද්ධයි, පෞද්ගලිකව මමත් විරුද්ධයි යැයි කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරීමාර්ග හා ධීවර ජලජ සම්පත් අමාත්‍යය පී හැරිසන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය,

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

එ.ජා.ප පක්ෂය තාම අපේ ජනාධිපති අපේක්ෂකයා නම් කරලා නෑ, අපේ පක්ෂය එකතු වෙලා කථා කරලා, එක්සත් ජාතික පක්ෂයට උදව් කරන සෙසු පක්ෂ එකතු වෙලා සාකච්ජා කරලා කෘත්‍යාධීකාර මණ්ඩලය හා ආණ්ඩු පක්ෂ කණ්ඩායම තමයි තීන්දු කරන්නේ.

මොන තීන්දුව කළත් තාම ජනාධිපතිතුමාගේ කාලය ඉවර වෙලා නෑ, එතුමාගේ නියමිත කාලය තව මාස කීපයක් තියෙනවා. ඒ මාස කීපයට පෙර මැතිවරණයට ගියොත් තමයි ජනාධිපති අපේක්ෂකයා තීන්දු කරන්න වෙන්නේ.

එතුමාගේ කාල සීමාව ඉවර වෙනකල් ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා තීන්දු කරන්න බෑ. කීප දෙනෙක්ගේ පුද්ගලික අදහස් තියෙනවා, පක්ෂය තීන්දු කරලා තමයි අපි කියන්නේ ජනාධිපතිතුමා මැතිවරණයට ගැසට් කලාට පස්සේ අපේ අපේක්ෂකයා කවුද කියන එක කියන්නේ.

මගේ පුද්ගලික මතයක් කියන්න බෑ. පක්ෂයක් හැටියට තීන්දු කරන්න ඕන. පක්ෂයේ කෘත්‍යාධීකාරී මණ්ඩලය, ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම, අපි ඔක්කොම සාකච්ජා කරලා තීන්දුව දෙන්නම්.

මේ රටේ ඔලුවක් තියෙන බුද්ධියක් තියෙන අය හිටියා නම් පැහැදිලිව දන්නවා පොහොට්ටුවේ කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂකයා විදිහට ගෝඨාභය මහත්තයා දැම්මොත්, අගමැති අපේක්ෂකයා හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා එනවා.

තව රාජපක්ෂලා 10 -15 ක් කැබිනට් මණ්ඩලයට එනවා. එතකොට නැවත ආයෙත් මේක යන්නේ ඒකාධිපති ස්වරූපයකට. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කිරීමේදී කුමාර වෙල්ගම මැතිතුමා පැහැදිලිවම මේ කථාව කියලා තියෙනවා. දයාසිරි ජයසේකර මැතිතුමත් මේ කථාව කියනවා. එහෙම වුණාම ආයෙත් ඒකාධිපතීත්වයකට යන එක තමයි ප්‍රශ්නය තියෙන්නේ කියලා. ඒ අය කියන්නේ ඒ පැත්තෙවත් තාම ප්‍රජාත්‍රන්තවාදී රාමුවක් ගොඩනැගෙන්න නෑ, ඒ නිසා මේ රටේ බහුතරයක් ජනතාව කුමාර වෙල්ගම මැතිතුමාගේ මතයේ ඉන්නවා. ඒ නිසා තමයි අනෙක් අයගේ හඩ ඉදිරියට ආවේ නැතත්, කුමාර වෙල්ගම මැතිතුමාගේ හඩ ඉදිරියට ඇවිත් තියෙන්නේ.

තාම තේරීම්කාරක සභාවේ අවසන් වාර්ථාව දීලත් නෑ. රිෂාඩ් බදුයුදීන් මැතිතුමා සාක්ෂියක් පමණයි දීලා තියෙන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් 10 වැනිදත් තේරීම් කාරක සභාව සාක්ෂි විමසීම සිදු කරනවා.

අවසන් තීන්දුවක් නැතිව, කල්තියා උපකල්පනය කරනවා, එයාට ඇමතිකම දෙනාවද, එයා නිදහස් වෙනවාද, නැත්නම් මොකක්ද වෙන්නේ කියලා වෙනම දේශපාලන න්‍යාය පත්‍රයකටනේ කටයුතු කරන්නේ. එහෙම නැතිව සැබෑම වැරදිකරුවන් හොයන්න උදව් කරනවා වෙනුවට ඒ අය බලන්නේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න.

එහෙම කරන්න ගියොත් රටේ ජනතාව බලාපොරොත්තු වෙන දේ ඉෂ්ඨ වෙන්නෙ නෑ. ඒ වගේම තේරීම් කාරක සභාව හමුවට දයාසිරි ජයසේකර මැතිතුමා එන්නේ නෑ කියනවා, එතුමා ආවෙ නැත්නම්, තේරීම් කාරක සභාව ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනියි.

මම දැක්කා මාධ්‍ය මගින් තේරීම්කාරක සභාව හමුවට කවුරුන් හෝ කැඳවා තිබියදී එන්නේ නැත්නම් අධිකරණයට ඒ සම්බන්ධයේන කරුණූ වාර්ථා කරනවා කියලා. ඒක තේරීම්කාරක සභාවේ වගකීමක්. එතුමන්ලා ඒ තීන්දුව ගනියි.

මරණ දඩුවම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙනවා. මගේ පෞද්ගලික මතය නම් මරණ දඩුවමට මම විරුද්ධයි. මිනිහෙක් එල්ලුවයි කියලා මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ, කුඩුකාරයෝ හතර දෙනෙක් එල්ලුවා කියලා මේ ප්‍රශ්නය විසඳෙනවා නම් අපිට ඒකට එකඟ වෙන්න පුළුවන් මේ 04 දෙනාම එල්ලුවාම රටේම ප්‍රශ්න ඉවරයි කියලා.

හැබැයි ලෝකයේ මේ වගේ තිබුණ රටවල් වල මිනී මරලා, එල්ලලා මරලා මේ ප්‍රශ්නය විසඳලා නෑ, මේ තත්වයට ඇති වුණේ කොහොමද, ඒකට බලපෑ කාරණා මොනවද කියන එක පැහැදිලිව හොයලා බලලා කටයුතු කරන්න ඕන, ඒ නිසා කුඩු ජාවාරමටවත්, කුඩු බොන එකටවත් මරණ දඩුවම විසඳුම කියලා කවුරු හරි හිතනවා නම් මම හිතන්නේ නෑ ඒක විසඳුමක් කියලා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ මතයත් මරණ දඩුවමට විරුද්ධයි,පෞද්ගලිකව මමත් විරුද්ධයි.

මත්ද්‍රව්‍යය ජාවරම් වලට විවිධ දේශපාලඥයින්ගේ නම් සඳහන් වෙන්නේ අද ඊයේ නෙමෙයි.මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ කාලයෙත් මේ කථිකාවත ඇති වුණා.

විශේෂ කාර්ය බළකාය වැටලීමක් සිදු කරලා දේශපාලඥයෙක් අත්අඩංගුවට ගත්ත වෙලාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හෙළිකොප්ටරයෙන් එතුමාගේ ගෙදර ගියා. ඒක කවුරුත් දන්න රහසක්. ඒ නිසා මේ අහිසංකයෝ දෙන්නෙක් තුන්දෙනෙක් එල්ලලා, තෝරු මෝරු ටික එළියේ තියලා මේ කරන වැඩෙන් ප්‍රයෝජනයක් තියෙනවාද කියන ගැටලුව ජනතාව හමුවේ තියෙනවා.

රාජිත ඇමතිතුමා කියලා තියෙනවා පහුගිය දවසක එ.ජා.පයේ අයත් මේ මත්ද්‍රව්‍යය ජාවාරමට සම්බන්ධයි කියලා, ඒ නම් ටික එළියට දානකම කියන්න බෑ අපිට කවුද ඒ පුද්ගලයෝ කියලා, ඒ සාක්ෂි – සාධක ඔප්පු කරන්න පුළුවන් නම් ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු ලෑස්ති කරන්න පුලුවන්, මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලැබුනොත් අපේ පක්ෂයේ අය සම්බන්ධ නම් පක්ෂයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා.

ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරියේදී ගෙන ඒමට නියමිතයි, ඔය වගේ ඒවා මීට පෙරත් ගෙන ආවානේ, ආණ්ඩුවට විරුද්ධව ගෙන ආවා, අගමැතිට විරුද්ධව ගෙන ආවා, ඇමතිවරුන්ට විරුද්ධව ගෙන ආවා, අපි ඡන්ද විමසීම් කලා, සමහර ඒවා කලින්ම ඉවත් වුණා, මේ ඉදිරියේ ගේන එකත් ඔය වගේ එකක් වේවි.

මම හිතන්නේ නෑ දින 52 වගේ ආණ්ඩු හදන්නේ නැතිවෙයි, අධිකරණයෙන් තීන්දුවක් දීලා තියෙන නිසා.ඇති වුණ විරසක සම්බන්ධයෙන්, ගැටුම් සම්බන්ධයෙන් විසදුම් දුන්නා නේ”, යැයි පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here