නැවත දැනුම් දෙන තෙක් ධීවර කටයුතුවලට මුහුදු නොයන්න – අමාත්‍ය මහින්ද අමරවීර

Share

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දිවයින් අවට මුහුණු ප්‍රදේශයේ ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසුව නැවත දැනුම් දෙන තෙක් ධීවර කටයුතුවල නිරතවීමට මුහුදු නොයන ලෙසයි.

කාලගුණ තත්ත්වය පිළිබඳව පෙර සිටම දැනුවත් කළ බව කී අමාත්‍යවරයා, යාත්‍රා කීපයක් ඒ වනවිටත් මුහුදු ගොස් ඇතැයි අද (30) රජයේ නිලපුවත් වෙබ් අඩවියට අඳහස් දක්වමින් පැවසීය.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යාත්‍රා කීපයක් අතුරුදහන් වී ඇතැයි තොරතුරු වාර්තා වන බවත් එම යාත්‍ර සොයා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Read more

Local News