ඉදිරියේදී සියලුම ආගමික ස්ථානවලට නොමිලේ විදුලිය

Share

සියලුම ආගමික ස්ථානවලට ඉදිරියේදී නොමිලේ විදුලිය ලබාදීමට කටයුතු කරන බව විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉදිරි මාස කිහිපය තුළ රජයක් වශයෙන් සියලු ආගමික ස්ථානවලට විදුලිය නොමිලේ ලබාදීමට හැකි වෙතැයි බලාපොරොත්තු වන බවයි.

කතරගම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවී කරුණානායක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

“අද වෙලා තියෙන්නේ රජයේ නිලධාරීන් ගන්න තීන්දු, තීරණ නිසා අපි අසරණ වෙනවා.

අපි ඇමතිවරු වශයෙන් යම් දෙයක් කරන්න තීන්දු කළත්, රජයේ නිලධාරීන් ඒ වෙනුවෙන් ගන්නා තීරණ නිසා අදාළ කාර්යයන් ඉටු කිරීමට පමා වෙනවා.

ඔවුන් තුල තිබෙන්නේ වෙනම අධිෂ්ඨානයක්. මේ තත්ත්වය වෙනස් කරන එක ලෙහෙසි නැහැ. නමුත් අපි ඒ තත්ත්වයන් නිවැරදි කරගෙන ඉදිරියට යනවා.

අපි යම් දෙයක් සම්බන්ධයෙන් ඉලක්කයක් ගත්තොත්, ජනතාව වෙනුවෙන් කුමන බාධක මධ්‍යයේ වුවත් ඒ ඉලක්කය සපුරා ගැනීම සාක්ශාත් කරගන්නවා.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් මේ රටේ සියළු ආගමික ස්ථාන වල විදුලිය අවශ්‍යතා වෙනුවෙන් මිලියන 898 ක මුදලක් වැය කරනවා.

මේ ආකාරයෙන් රටේ ආගමික ස්ථානවල විදුලිය වෙනුවෙන් වන වියදම්, පුනර්ජිනනීය බලශක්තිය තුළින් අවම කිරීමට හෝ නැති කිරීමට අපි කටයුත කරගෙන යනවා.

තවත් මාස 02ක්, 03 ක් වැනි කාලයක් තුලදී අපට ඒ තත්ත්වයට ලගාවිය හැකියි. ඒ වෙද්දි අපිට රජයක් වශයෙන් සියළුම ආගමික ස්ථාන වලට විදුලය නොමියේ ලබාදීමට හැකිවේයැයි බලාපොරොත්තු වෙනවා”. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News