ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් වවෘත කරයි

Share

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ වාන් දොරටු 02 ක් විවෘත කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

විශේෂයෙන්ම කැලණි ගංගාව ආශ්‍රිත පහත් නිම්න ප්‍රදේශවල ජීවත් වන ජනතාව සහ දෛනික කටයුතු වලදී කැලණි ගංගාවේ ජලය පාවිච්චි කරන ජනතාව මේ පිළිබද සැළකිලිමක් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

එසේම විනෝද චාරිකාවල යෙදෙන පිරිස් ගංඟා ආශ්‍රිතව නෑමේ දී මෙන්ම වෙරළ තීරයේ දියනෑමේ දී පවතින කාලගුණික තත්වය පිළිබදව වඩාත් සැළකිළිමක් වන ලෙස තවදුරටත් දැනුම් දෙනු ලැබේ.

මේ පිළබදව යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් මැදිරි අංක 117 අමතා විස්තර ලබාගත හැක.

Read more

Local News