වසරේ ගතවූ මාස 06ක කාලය තුළ මෙරටට සංචාරකයින්ගේ පැමිණීම දස ලක්ෂය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එහෙත් එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 13.4 කින් අඩු වී ඇති බව එම අධිකාරිය ප්‍රකාශ කළේය.
පසුගිය වසරේ පළමු මාස 06 තුළ 11,64,647ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර මෙවර පැමිණ ඇත්තේ 10, 8449ක පිරිසක් බව සඳහන් වෙයි.
මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයත් සමඟ මෙරටට සංචාරකයින් පැමිණිමේ කැපී පෙනෙන අඩුවිමක් දක්නට ලැබුණ අතර අප්‍රේල් මාසයේදී පැමිණි එක් ලක්ෂ 66,975 ක පිරිස මැයි මාසය වන විට 37,802ක් දක්වා පහත බැස තිබේ.
කෙසේ වෙතත් මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී සංචාරකයින්ගේ පැමිණිම 63,072ක් ලෙස ඉහල ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.