ගරු අග්‍රාමාත්‍යතුමාගේ මිලාදුන් නබි දින පණිවුඩය

Share

ඉස්ලාමීය ධාර්මික විශ්වාසය අනුව දෙවියන් වහන්සේ විසින් මොහොම්මද් නබි නායකතුමා ඉස්ලාම් ආගමේ අවසන් නබිතුමන් ලෙස තෝරා ගනු ලැබූ අතර, එතුමා දැහැමි සමාජයක් උදාකිරීමෙහි ලා පුරෝගාමී සුවිශේෂ මෙහෙවරක් ඉටුකරනු ලැබූ ශාස්තෘවරයෙකි.

ඉතාමත් සරල, අල්පේච්ඡ, යහපත් දිවිපෙවෙතක් ගතකරමින්, ධර්මය ප්‍රායෝගිකව ජීවත් කරවූ නබිතුමා සෙසු ලෝකයාට පෙන්වා දුන්නේ පරිත්‍යාගශීලීත්වය, සමානාත්මතාව, සහජීවනය, සහෝදරත්වය, ඉවසීම, මිත්‍රශීලීබව සහ නම්‍යශීලී ප්‍රතිපත්ති මඟින් යහපත් සමාජයක් බිහි කළ හැකි බවය.

සවුදි අරාබියේ, මදීනා නගරයේ පරම්පරා ගණනාවක් පැවති ගෝත්‍රික ගැටුම් සමථයකට පත්කර සාමකාමී පරිසරයක් බිහිකිරීමට එතුමෝ සමත් වූහ. එසේ අවිහිංසාවෙන්, ධාර්මිකව ජයගත් මදීනා නගරය අද ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන්ගේ පූජනීය සිද්ධස්ථානය බවට පත් ව ඇති බව එතුමන්ගේ ජන්ම දිනයේදී  සිහිපත් කිරීම ප්‍රශංසනීය ය.

අප රටේ  තිරසර සාමය, සංහිදියාව ගොඩනැගීමට මොහොම්මද් නබි නායකතුමා පෙන්වා දුන් ජීවන දර්ශනය කොතරම් වැදගත් වන්නේද යන්න අවධාරණය කිරීමට මෙවර මිලාදුන් නබිනායක ජන්ම දින සැමරුමද කදිම අවස්ථාවක් වනුු ඇත.

ශ්‍රී ලංකාවාසී සහෝදර මුස්ලිම් ජනතාව ඇතුළු සමස්ත ලෝකවාසී මුස්ලිම් බැතිමතුන්ට සුබ මිලාදුන් නබි උත්සවයක් වේවා යි ප්‍රාර්ථනය කරමි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මිලාදුන් නබිනායක ජන්ම දින සැමරුම වෙනුවෙන් ලබා දුන් සුභ පැතුම් පණිවුඩයයි.

Read more

Local News