නිදන් සොයා කැනීම් කළ 4ක් අත්අඩංගුවට

Share

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ කොටවෙහෙරගල ප්‍රදේශයේ ඇල රක්ෂිතයක නිධන් සොයා කැනීම් කරමින් සිටි පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.

සැකකරුවන් විසින් පුද පුජා පවත්වමින් මෙලෙස කැනීම් සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කැනීම් උපකරණ සහ පුජා භාණ්ඩ රැසක් ද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරුවන් වැල්ලවාය, පස්සර සහ කොළඹ යන ප්‍රදේශවල පදිංචි පිළිවෙලින් වයස අවුරුදු 37,41,46 සහ 52 යන වයස් වල පසුවන්නන් බව පොලීසිය පවසයි.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලවාය පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

Read more

Local News