මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

දිවයිනේ නිරිත දිග කො‍‍ටසේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීම අද(14) දිනයේ දීත් තව දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා විශේෂයෙන් බස්නාහිර, දකුණ, සබරගමුව, උතුරුමැද, වයඹ,උතුරු සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළං වේගය පැයට කිලෝ මීටර 60 ක් දක්වා ඉහළ යා හැකි බවද ‍කාලගුණ අංශ නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.

සවස 2.00 න් පසුව මුලතිව්, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගූණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read more

Local News