මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව බලා යාමට සුදානමින් නිවසක රැදී සිටි 10 දෙනෙකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වෙන්නප්පුව – නයිනමඩම, තල්දෙක ප්‍රදේශයේ නිවසක සැකකටයුතු පිරිසක් රැදී සිටින බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇති අය අතර අඹුසැමි යුවලක් සහ කුඩා දරුවන් දෙදෙනෙකු ද වන බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.