Tuesday, March 19, 2024.

සතොස හිටපු සාමාන්‍යාධිකාරීවරයාට ඇප

Share

සතොස ආයතනය මගින් ආනයනය කළ සහල් විකිණීමේදී රජයට රුපියල් මිලියන 4ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනාවට වරදකරු වී වසරක සිර දඬුවම් නියම කෙරුණු එම ආයතනයේ හිටපු සාමාන්‍යාධිකාරී විමල් පෙරේරා මහතා රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් අදාළ විත්තිකරුට වසරක සිර දඬුවම් සහ රුපියල් 50000ක දඩයක් නියම කරන බව නියෝග කර තිබුණි.

එම දඬුවමට එරෙහිව විත්තිකරු අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහුගේ නීතිඥවරු විසින් දැනුම් දීමෙන් අනතුරුව ඔහු රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරිය නියම කළේය.

Read more

Local News