පොලිස් රාජකාරියට බාධා කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය හා සහෝදරිය රිමාන්ඩ්

Share

වෙන්නප්පුව – සීනෝර් හංදියේ දී වෙන්නප්පුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය අගෝස්තු මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

‍අත්අඩංගුවට පත් සැකකාරියන් අද (21) දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

පසුගිය 19 වන දා සවස 4.00 සිට රාත්‍රී 8.00 දක්වා මාර්ග බාධක රාජකාරියේ යෙදී මෙම නිලධාරීන් සිට ඇති අතර එහිදී සවස 5.15 ට පමණ අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරිමේ දී එම අවස්ථාවේ දී ‍යුතුරුපැදියේ පැදිකාරිය සතුව රියදුරු බලපත්‍රය හා අනෙක් බලපත්‍ර තිබී නොමැත.

එම අවස්ථාවේ දී යතුරුපැදිකාරිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් වු සහෝරිය, තවත් සහෝදරියක් හා පියා එම ස්ථානයට යතුරුපැදියකින් හා වෑන් රථයකින් පැමිණ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පොලිස් බාරයේ සිටි සැකකාරිය හා යතුරුපැසිය රැගෙන යෑමට උත්සහ දරා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read more

Local News