කොළඹ කොටුවට යන්න බෝට්ටු සේවාව අද සිට

Share

කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක වන බේරේ වැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයේ සමාරම්භය අද (22) දින සිදු කිරීමට නියමිතයි.

මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව මෙම සේවාව කි‍්‍රයාත්මකයි.

මහානගර අමාත්‍යාංශය මඟින් පරිපාලිත ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම සේවාව පවත්වාගෙන යනු ලබයි.

කොළඹ නගරය පුරා ඇති වී ඇති උග‍්‍ර රථවාහන තදබදයට විසඳුමක් ලෙස නගරය පුරා ඇති අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ මගී ප‍්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳව සිදු කරන ලද විද්‍යාත්මක ශක්‍යතා අධ්‍යනයකින් අනතුරුව මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවය කි‍්‍රයාත්මකයි.

වර්තමානයේදී කොළඹ කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බස් රියකින් ගමන් කිරීමේදී විනාඩි 30 ක පමණ කාලයක් ගත වන අතර මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවාවෙන් මිනිත්තු 9 -10 ක් අතර කාලයකින් ගමනාන්තයට ළඟා විය හැක.

පළමු මාසයේදී මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාදීමට නියමිතයි.

Read more

Local News