යතුරුපැදි අනතුරකින් තරුණයින් 2ක් මරුට

Share

කල්මුණ, සේනකුඩිඉරිප්පු ප්‍රදේශයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් ඇත.

යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු බරපතළ තුවාල ලබා කල්මුණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ සේනකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිව සිටි 19  හැවිරිදි සහ 30 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

අනතුර සම්බන්ධයෙන් කල්මුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News