වැල්ලවායේ නිවසක් ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වෙයි

Share

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ ඇතිලිවැව ප්‍රදේශයේ නිවසක් ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

ඊයේ (28) පස්වරුවේ අසල ඇති ගෙවත්තකට පුද්ගලයකු ගිනි තබා ඇති අතර එම ගින්න ව්‍යාප්ත වී නිවස අසලට පැමිණ නිවසට ගිනි ඇවිලී තිබේ.

ගින්න නිසා එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවස අසල ඇති මහා පරිමාණයේ බිම්මල් වගාවක් ද ගිනිගෙන විනාශ වී ඇත.

ගින්න නිසා එම නිවසට හා වගාවන් සිදු වූ හානිය රුපියල් කෝටිය ඉක්මවන බව සඳහන්.

ගින්න මැඩලීමට සඳහා ප්‍රදේශයේ ජනතාව උත්සාහ කලද ප්‍රදේශයට පවතින වියලි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබේ.

ගින්න ඇති වන අවස්ථාවෙදී නිවස හිමි කාන්තාව පමණක් එහි රැදී සිට ඇති අතර ගින්න නිසා කිසිදු හානියක් ඇයට සිදු වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් කුඩාඔය පොලීසිය විසින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇත.

Read more

Local News