අනුරාධපුරයේ කෘෂි රාසායන ද්‍රව්‍ය අලෙවි සැලක ගින්නක්

Share

අනුරාධපුර නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් අසල තිබූ කෘෂි රාසායන ද්‍රව්‍ය අලෙවි සැලක ඊයේ (29) සවස 3.00ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබේ.

අනුරාධපුර පොලීසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මකවූ පොලිස් නිලධාරීන් සහ අනුරාධපුර ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගේ සහාය ඇතිව ගින්න මැඩ පවත්වා ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නොමැති අතර ගින්න හේතුවෙන් ජීවිත හානි හෝ දේපල හානි කිසිවක් සිදුව නොමැති බව පොලීසිය පවසයි.

අනුරාධපුර පොලීසිය සිද්ධිය සබන්ධයෙන් වැඩිදුර විමර්ශන විසින් සිදු කරයි.

Read more

Local News