දංකොටුවේ සිදුවු අනතුරකින් දෙදෙනෙක් මරුට

Share

දංකොටුව පොලිස් වසමේ දංකොටුව පන්නල ප්‍රධාන මාර්ගයේ දංකොටුව රාේහල ආසන්නයේ දී අද (30) උදෑසන 7.00ට පමණ සිදුවු අනතුරකින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

‍මීගමුව දෙස සිට ගිරිඋල්ල දෙසට ගමන් කල පෟෙද්ගලික බස් රථයක ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වු ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන මෙම අනතුර සිදු වි ඇත.

අනතුර හේතුවෙන් බරපතල තුවාල ලැබු ත්‍රීරෝද රථ රියදුරු හා එහි ගමන් ගත් කාන්තාවක් දංකොටුව රෝහලට ඇතුලත් කිරිමේදී මියගොස් ඇත.

මෙම අනතුරින් තුවා ලැබු තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් දංකොටුව රාේහලට ඇතුලත් කර ඇත.

මෘත ශරීරයන් දංකොටුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුයට ගෙන ඇති අතර දංකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read more

Local News