වැල්ලවායේ අනතුරකින් පහකට තුවාල

Share

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තෙලුල්ල ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් කුඩා ළමුන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා ඇත.

ඊයේ (29) රාත්‍රියේ ත්‍රිරෝද රථයක් මාර්ගෙයන් ඉවතට පැන විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් තුවාල ලැබූවන් කඩිනමින් තණමල්විල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ අනතුරට ලක් වී ඇත්තේ හම්බෙගමුව ප්‍රදේශයේ සිට වැල්ලවාය දෙසට ධාවනය වූ තිරෝද රථයක් වන අතර තුවාල ලැබූවන් වැල්ලවාය මාලේවනයාය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් විමර්ශන ඌව කුඩාඔය පොලීසිය විසින් සිදු කරයි.

Read more

Local News