පලාලි සිවිල් ගුවන් මෙහෙයුම් 16 වැනිදා – දේශීය මූල සමාගම්වලට මුල්තැන

Share

පලාලි සිට ඉන්දියාව දක්වා ආරම්භ කරන ගුවන් ගමන් සේවා සැපයීමේදී දේශීය මූල සමාගම්වලට ඉහළ පුමුඛතාවක් ලබා දෙන බව ප්‍ර‍වාහන සහ  සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කළේ ලංකාව තුළ ගුවන් තොටුපොළ හතරක් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස ප්‍ර‍වර්ධනය කෙරෙන බවයි.  ඒ කටුනායක, මත්තල, රත්මලාන සහ මඩකලපුව වේ.

එම ගුවන්තොටුපොළ එකිනෙකට සම්බන්ධ කෙරෙමින් කලාපීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා ආරම්භ කෙරෙන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (05) පලාලි ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

එම චාරිකාවෙන් පසුව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පලාලි ගුවන්තොටුපොළේ සංවර්ධන කටයුතු පිළිබද ප්‍ර‍ගති සමාලෝචන රැස්වීමක්ද පැවැත්විණ.

එම නිරීක්ෂණ චාරිකාව අතරතුරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍ර‍ශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ ඔක්තෝම්බර් මාසයේ 10 වැනිදා වන විට පලාලි ගුවන්ත්තොටුපොළේ පළමු අදියරේ සංවර්ධන කටයුතු අවසන් කර 16 වැනිදා ගුවන් මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කිරීමට අපේක්කෂා කරන බවයි.

ගුවන්තොටුපොළ ආශ්‍රිත රැකියා ලබා දීමේදී උතුරු පළාත් ජනතාවට වැඩි අවස්ථාවක් ලබා දෙන බවද ඔහු කියා සිටියේය.

Read more

Local News