දුම්රිය සේවයට වාර්තා නොකරන සේවකයන්ගේ රැකියා අහිමි වේ

Share

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවවාක් බවට පත් කර තිබිම හේතුවෙන් ඉදිරි පැය විසිහතර තුළ සේවයට වාර්තා නොකරන සේවකයන්ගේ රැකියා අහිමි වන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා වර්ජනයේ නිරතව සිටින සියලු සේවකයින්ගෙන් ඉල්ලා සිටින්න‍ෙ හෙට (12) ආරම්භ කිරිමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට‍ පෙනි සිටින දරුවන්ගේ ගමන් පහසුව සම්බන්ධයෙන් අවධානය‍ යොමු කොට සේවයට වාර්තා කරන ලෙසයි.

මේ වන විට දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට නම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා ඇති අතර ජනාධිපතිවරයා අත්සන් කළ මෙම ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා යොමු කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර ඇත.

මේ අතර දුම්රිය රියදුරන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වන අතර මේ හේතුවෙන් මගීහු දැඩි අපහසුතාවකට පත්වූහ.

Read more

Local News